හිජාබයෙන් අවධි වුණු ඉරාණයේ රණ හඬ

Date:

විරෝධතාකරුවෝ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම අවසන් කරන ලෙස මෙන්ම හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ.

පසුගිය දා ඉරානයේ 22 හැවිරිදි මහ්සා අමීනි සිය හිස් වැස්ම නිසි ලෙස නොපැළඳීමේ චෝදනා මත සදාචාර පොලීසිය විසින් අත්අඩංගුවට ගැණිනි. පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇය පහර කෑමට ලක් ව සිදුවූ අනතුරක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදී කෝමා තත්වයේ පසුව ඇය මිය ගියේය.

ඇයගේ ඛේදනීය මරණයත් සමඟ මෙතෙක් කලක් ඔවුන් තුළ නිදන්ගතව පැවැති කෝපය පුපුරා ගොස් ඇති අතර දහස් ගණන් කාන්තාවන් වීදි බැස ආඥාදායකයා එළවීම යන සටන් පාඨය යටතේ සිය විරෝධතාවන් එල්ල කරමින් සිටියි.පොලීසිය විසින් ක්‍රියාත්මක කරන දැඩි මර්දනයන්ද නොසලකා හරිමින් තරුණියන් දහස් ගණනක් සිය හිස් වැසුම් ප්‍රසිද්ධියේ පුළුස්සා දමමින් සිය විරෝධතාවය දක්වනු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. වීදි බව විරෝධතාකරුවන් අමිනීගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, විමර්ශනයේ සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්, සියලු අපරාධකරුවන් වගකිව යුතු බවත් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය බලධාරීන් විසින් ඉරානයේ කාන්තාවන්ට එරෙහි ශාරීරික හිංසනයන් භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දැඩි ලෙස හෙළා දකින බවයි.

තත්වය පාලනය කිරීම සඳහා හා වීදි ​​සන්සුන් වන තුරු රට තුළ අන්තර්ජාල ප්‍රවේශය සීමා කරන බව ඉරාන බලධාරීහු පවසති. විරෝධතාකරුවෝ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම අවසන් කරන ලෙස මෙන්ම හිජාබය පැළඳීම අනිවාර්ය කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ. මේත් සමඟ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ඉල්ලීම්ද මතුවෙමින් පවතී. එනම් අයතුල්ලා අලි කමේනිගේ පින්තූර ඉරා දමමින් ඒකාධිපතියාට මරණය යනුවෙන් විරෝධතාකරුවන් කෑ ගසති. පවතින උද්ධමනය හා මර්දනකාරී පාලනයට එරෙහිව මිනිසුන්ගේ පැවැති කෝපය මෙලෙස පුපුරා යමින් ඇත.

විරෝධතා සම්බන්ධයෙන් අවම වශයෙන් 1,200 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ වන විට 35 දෙනෙකු මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සංඛ්‍යාවේ නිරවද්‍යතාවය ගැටලුකාරී බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දේ.

සශිකලා මධුෂාණී_ | අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...