හෙට නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා. කැමති අය ඔවුන්ගේ අදහස් දැක්වීම අසන්න පැමිණෙන්න – විපක්ෂ නායක සජිත්

ජුනි 8 වැනිදා නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලිඛිතව සිදු කළ ඉල්ලීම අනුව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට 22 වැනි සංශෝධනය සහ උපරිමාධිකරණ විනිසුරුවන් පත් නොකිරීම නිසා සිදුවන බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ජුලි 30 වැනි දා නැවත වරක් යොමු කරන ලද ලිපියක් තුළින් මේ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සේම සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදිනම කතානායකවරයාට මේ යෝජනාව සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කළ බවත් මෙම ලිපි 3ම සභාගත කරමින් හැන්සාඩ් ගත කරන බවත් ඊට අමතර ව නීතිඥ සංගමය විසින් මෙම යෝජනාව හොඳ අදහසක් වුවත් ඔවුන්ගෙන් ඉල්ලා සිටි දිනය සුදුසු නොවන බවට ලිඛිතව දැන්වූ බවත් ඉන් අනතුරුව නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් හෙට දිනයේ පැමිණ මේ කරුණු ගැන දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් එයට ප්‍රතිචාර ලෙස ඔවුන් ඒ සඳහා සූදානම් බවට ලිඛිතව දැනුම් දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීතිඥ සංගමයේ සාමාජිකයන් මේ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එන නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් වීමට කැමති මන්ත්‍රිවරු පැමිණෙන ලෙසත් අකැමැති මන්ත්‍රිවරුන් නොපැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...