ඉරානයට සහාය දෙන රටවලට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ පාන්නට සිදුවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කිසියම් ආකාරයක ආර්ථික හෝ මූල්‍ය සහායක් ලබාදෙන ඕනෑම රටකට “දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

ඊයේ(19)දිනයේදී සිය සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඉරානයේ ආර්ථික හුදකලා කිරීම සඳහා “මෙතෙක් කිසිදු රටකට එරෙහිව ක්‍රියාත්මක කළ වඩාත්ම දැඩි ආර්ථික මෙහෙයුම” ආරම්භ කිරීමට තමා සූදානම් බවයි.

ඉරානයට සහාය වීම ලෙස තෙල් ජාවාරම්, මූල්‍ය හුවමාරු, විනිමය ආයතන සහ ව්‍යාජ සමාගම් හරහා සිදුකරන ගනුදෙනුද ඔහු ඉලක්ක කර ඇති අතර එම අනතුරු ඇඟවීමට අදාළව කුමන නිශ්චිත දඬුවම් හෝ සම්බාධක පනවන්නේද, කුමන රටවල් ඉලක්ක කරන්නේද යන්න ට්‍රම්ප් මෙතෙක් පැහැදිලි කර නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...