අවිශ්ක මධුෂාන් හෙවත් “වනාතේ චතූ” ඩුබායි ආරක්ෂක අංශයට කොටුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :

ඩුබායි ආරක්ෂක අංශ විසින් වනාතේ චතූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන පානදුර සළිඳු සහ හරක් කටා වැනි අපරාධකරුවන් ලබා දුන් තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රසල්කයිමා ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට අදාළ අංශ මගින් සිදු කරමින් පවතී. මෙම සිදුවීම මගින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය මනාව පිළිඹිබු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...