ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 93115ක් වාර්තා වී ඇති අතර මරණ 71 දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 19825ක් ලෙස දැක්වෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 18475ක් වාර්තා වී තිබේ.
තවදුරටත් ඩෙංගු අධි අවධානම් කලාප 96ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සමස්තයෙන් 52.93ක් ලෙස දැක්වෙයි.
දෙවනුව වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි.


