රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :
ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඇය දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් ස්පර්ශ කළ සැබෑ සංගීත පුරාවෘත්තයක් බව ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.
දුෂ්කර කාලවකවානුවලදී ඇය ඉටුකළ අනුපමේය මෙහෙවර සහ ඇගේ සදාකාලික නිර්මාණ පරම්පරා ගණනාවකට ආදර්ශයක් වූ බව මෙහිදී අවධාරණය කෙරේ.
මෙම අතිදක්ෂ කලාකාරිණියගේ සංගීත උරුමය ලාංකේය ජනතාව අතර සදාකල් ජීවමානව පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.




