“දිවියට සුවයක් – දහමට සවියක්”බදුල්ලේ පළමු වතාවට පැවැත්වූ සර්ව ආගමික විශේෂ වෛද්‍ය සායනය මුතියංගණ විහාරයේදී

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW :

භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් සමාජ සංස්ථාවක් ගොඩනැගීම උදෙසා පූර්වගාමී මෙහෙවරක් ඉටුකරන අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සෞඛ්‍යය සාධනය කිරීමෙන් ලස්සන ජීවිතයක් ගත කරන මිනිසුන් වෙසෙන පොහොසත් රටක් ගොඩනැගීමේ උතුම් අරමුණ පෙරදැඩි කරගනිමින් “දිවියට සුවයක් – දහමට සවියක්” විශේෂ වෛද්‍ය සායනය අද (22) දවස පුරා බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව එක්ව සංවිධානය කළ මෙම පූර්ණ වෛද්‍ය සායනය සඳහා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකතුමන්ලා විශාල පිරිසක් සහභාගී වූහ.

බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම සායනයේදී කායික රෝග, දන්ත, අක්ෂි හා ආයුර්වේද ඇතුළු සියලුම රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණි. මේ සඳහා ‘ලංකා හොස්පිටල්’ සහ ‘විෂන් කෙයාර්’ ආයතන සිය දායකත්වය දැක්වූ අතර, අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් සපයන ලද්දේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය විසිනි.

බදුල්ල මුතියංගන රාජමහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ මැතිඇමැතිවරුන්ද, ඌව පළාත් ප්‍රධාන ලේකම්ළ බදුල්ල දිස්ස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...