මේ වසරේ සංචිත ඩොලර් බිලියන 8.8ක් ඕනෑ. තවම තියෙන්නේ 6.5 යි. මිලියන 500ක් කාන්දුත් වෙලා – රවී

මහබැංකුවේ ස්වාධීනත්වය ගැන කුමක් කීවත් රටේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීම සඳහා රජය වහාම මැදිහත් වියයුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“IMF එකත් එක්ක ගිවිසුම අත්සන් කරන මොහොතේ 2026 වෙනකොට සංචිත ඉලක්කය තිබුණේ ඩොලර් බිලියන 10.2 ක්. ඒක නැවත සංශෝධනය කළා 8.8 කට. 8.8ක් ඕනෙ එකට අද 6.5ක් තියාගෙන මාසෙකට මිලියන 250 – 300ක් එකතු කරගන්න එක ලේසිපාසු කාර්යයක් නෙවෙයි. ඉතින් මහබැංකුවේ ස්වාධීනත්වය ගැන කිව්වාට අපි මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් අහන්නේ 2024 සැප්තැම්බර් ආණ්ඩුව මාරුවෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 6100ක සංචිත තිබ්බා, ඊටපස්සෙ IMF එකෙන් සංචිත වැඩිවීමට වාරික තුනක් එකතුවුණා. ඩොලර් මිලියන 330 x 3. ඒ නවසිය අනූව – දාහක් කියමු – එකතු වුණාම මේකට අඩුගාණෙ 7100ක් තිබිය යුතුයි. නමුත් ඒ 7100 වෙනුවට අද තියෙන්නෙ 6591 යි. ඒ නිසා මේ තිබ්බ සංචිතය සහ IMF එක දුන්න ඒවා – අනිත් ඒවා ගණන් ගන්නෙ නෑ මෙතනදී. සෘජු ආයෝජන එන එක, කොටස් වෙළඳපොලට එන එක, මහබැංකුව තුළින් කටයුතු කරන්න තියෙන එක, මේ ඔක්කොම එකතු වුණාම ඊට වැඩිය හුඟක් එකතු විය යුතුයි. නමුත් එහෙම නැතිව බැලුවත් – මෙතන තිබ්බ එකට 990 එකතු කළාම 500ක් කාන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නෙ ? ඒ කියන්නෙ ලැබෙන සංචිත තුළිනුත් රුපියල ආරක්ෂා කරන්න මේ ඩොලර් ටික පාවිච්චි කරනවා. මම ආණ්ඩුවට කියන්නෙ කරුණාකරලා විදෙස් සංචිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකට යන්න. මොකද මේකෙන් අන්තිමට ආණ්ඩුවට තමයි බර කරගහන්න වෙන්නෙ. මහබැංකුවේ ස්වාධීනත්වය කියලා ඒගොල්ලො කියයි ආණ්ඩුව තමන්ගේ ෆිස්කල් පැත්තෙන් වැඩේ හරියට කළේ නැහැ, ඒ නිසා ඒගොල්ලන්ට බැරිවුණා කියලා. මම දැන්මම කියන්නම් මොකක්ද ඒගොල්ලො දෙන්න යන උත්තරේ කියලා. මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලන්නෙ, මොකද මේක අපේ රට. මේක කොළ, නිල්, රතුපාට, දම්පාට කියලා දෙයක් නැහැ. රටට සංචිත හදාගන්න අපි සියලුදෙනාම බැඳී සිටිනවා”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...