සංජීව පුෂ්පකුමාර ජෝතිපාල චරිතාපදානය සඳහා ගිවිසුම්ගත වෙයි

ජාත්‍යන්තර සහ ජනාධිපති සිනමා සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර මෙරට ප්‍රකට ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ ජීවිත කතාව පාදක කරගත් සිය පස්වන සිනමා නිර්මාණය සඳහා සූදානම් වෙමින් සිටියි. එදා මෙදාතුර මෙරට බිහිවු ජනකාන්තම ගායන ශිල්පියා වන්නෙ එච්.ආර්. ජෝතිපාල මහතායි. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා අවශ්‍යවන වන නීතිමය ගිවිසුමට අභාවප්‍රාප්ත ජෝතිපාල මහතා‌ගේ පවුලේ නි‌යෝජිතයින් සමග මේ වනවිටත් සංජීව එළඹ තිබේ. අදාල ගිවිසුමට පවුලේ සාමාජිකයින් නියෝජනය කරමින් ජෝතිපාල පදනමේ සභාපතිනිය මෙන්ම ජෝතිපාල රසික සමාජයේ සභාපතිනියද වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය සංජීව පුෂ්පකුමාර සමග අත්සන් තබා තිබේ. ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය එච්. ජෝතිපාල මහතාගේ සිව්වන දියණියයි.

සංජීව පළමුවරට එච්.ආර්. ජෝතිපාල මහතා පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බැව් මාධ්‍යයට ප්‍රකාශ කළේ වර්ෂ 2017දි වන අතර අතර එතැන් සිට ජෝතිපාල මහතාගේ ජීවිතය සහ ඔහුගේ නිර්මාණ පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතවිය. තවද ගෙවී ගිය කාලය තුළ ඔහු “ආසු” සහ “විහඟ ප්‍රේමය” චිත්‍රපට නිර්මාණය කරන ලදී.

සංජීව විසින් ජෝතිපාල චරිතාපදානය පාදක කරගත් චිත්‍රපටයේ පළමු තිර රචනා පිටපත ( first draft) මේ වනවිටත් අවසන් කර ඇති අතර මේ දිනවල එහි අවසන් පිටපත වෙනුවෙන් (Advanced script development) කටයුතු කිරීමේ නිරතව සිටියි. ජෝතිපාල චිත්‍රපටයේ මුල් රූගත කිරීම් 2027 වර්ෂයේ ආරම්භයේ සිදුකිරීමට අපේක්ෂා කරන අතර චිත්‍රපට ප්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනීම ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව තිබේ.

ඉගිල්ලෙන මාළුවෝ (Flying Fish), දැවෙන විහඟුන් ( Burning Birds ), ආසු, සහ විහඟ ප්‍රේමය ( Peacock Lament) චිත්‍රපට නිර්මාණය කළ සංජීව පුෂ්පකුමාර චරිත කතාවක් පාදක කරගත් සිනමා නිර්මාණයක් සිදුකරන පළමු අවස්ථාන මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...