රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :
දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල, මඩකලපුව, අම්පාර සහ බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයින් 81,000කට වැඩි පිරිසක් මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිති. ජල මූලාශ්‍ර සිඳීයාම හා අපවිත්‍ර වීම මත බලධාරීන් විසින් බවුසර් මඟින් ජලය බෙදා හැරීම සහ ජල සැපයුම් සීමා කිරීම සිදුකරයි.
වැඩිම බලපෑම : මොණරාගල, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
- ජල මූලාශ්‍ර අඩුවීම: අම්බලන්තොට ප්‍රදේශයේ වලවේ ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ජලය පිරිපහදු කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.
- ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රජයේ මැදිහත්වීම: පීඩාවට පත් ජනතාවට බවුසර් මඟින් ජලය ලබා දෙන අතර, එක් පුද්ගලයෙකු සඳහා දිනකට නිකුත් කරන ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා වැඩි කර ඇත.

ඒ අනුව, දිනකට ලබා දෙන පානීය ජල ප්‍රමාණය ලීටර් 6 සිට 15 දක්වා ඉහළ නංවා ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. ජල මූලාශ්‍ර පවිත්‍ර කිරීම සහ බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර අවසන්ය.
ජල හිඟයකින් පීඩා විඳින ජනතාවට තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීම හරහා අවශ්‍ය සහන කඩිනමින් ලබා ගත හැකිය. සමස්තයක් ලෙස, පවතින ජල අර්බුදය කළමනාකරණය කිරීමට රජය සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අවධාරණය කෙරේ.



