කලින් වගේ නෙවෙයි දැන් ලංකාවේ හොඳ කොල්ලො ටිකක් රට පාලනය කරනවා කියලා ලෝකයම පිළිගන්නවා – හඳුන්

පෙර මෙන් නොව දැන් යහපත් තරුණ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව පාලනය කරන්නේ යැයි ලෝකයේ සෑම රාජ්යයක්ම පාහේ පිළිගන්නා බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නකොට අපි එයාට ජනාධිපති කිව්වා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට අපි ජනාධිපති කියලා එයාට කිව්වා. හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නකොට අනුර කුමාර දිසානායකට සර් කියන්න, ජනාධිපති කියන්න ඒගොල්ලොන්ට මොකක්ද තියෙන ප්‍රශ්නෙ ? පිළිගන්න ලෑස්ති නෑ. දක්ෂිණාංශික, වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී ඕනෙ රටක් අද පිළිගන්න එක දෙයක් තියෙනවා, මොකක්ද ? කලින් වගේ නෙවෙයි ලංකාවේ හොඳ කොල්ලො ටිකක් රට පාලනය කරනවා. උගත්තු ටිකක් රට පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් ලංකාවේ ඩිසිප්ලින් තියෙනවා. දැන් ඔය සමහරු ඊළඟට බලයට එන්න හීන දකිනවානෙ, හැබැයි ඔය හීන දකින බේබිලා කල්පනා කරන්න ඕනෙ ඊළඟට බලයට ආවොතින් එහෙම අප්පොච්චිලා හිටපු කාලෙ තිබිච්ච වරප්‍රසාද නැහැ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) අතුරලිය, තිබ්බොටුවාව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...