කොළඹ LNW:චීන තාක්ෂණ සමාගම්වලට චෝදනා එල්ල කරන ඇමරිකානු නිලධාරීන්ගේ ප්‍රකාශ අසත්‍ය වන අතර ඒවා පැහැදිලිව ම තාක්ෂණික හිරිහැර කිරීම් සහ ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියා බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පවසනවා.
පසුගියදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, ඇතැම් ඇමරිකානු නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ චීන තාක්ෂණික සමාගම්වලට චෝදනා එල්ල කිරීම පිළිබඳ ව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.
චීනය මෙයට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන බව ඔහු සඳහන් කළා. චීන තාක්ෂණික සමාගම් සැබවින් ම විශ්වාසදායක සැපයුම්කරුවන් වන බව Lin Jian මහතා එහිදී කියාසිටියා. ඊට පටහැනිව ඇමරිකාව දිගු කලක් තිස්සේ ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ දුරකථන සංවාදවලට සවන්දීම, ඔත්තු බැලීම සහ සයිබර් ප්‍රහාරවල නිරත වී ඇති අතර, එමගින් එම රටවලට අනාරක්ෂිත සහ විශ්වාස කළ නොහැකි ආකල්ප මතුව ඇති බවයි චීනය පෙන්වා දෙන්නේ. ස්වෛරී රාජ්‍යයන්ට සිය හවුල්කරුවන් කවුරුන් ද යන්න තෝරා ගැනීමේ අයිතියට මැදිහත්වීම වහාම නවතන ලෙසත්, දේශපාලනික වශයෙන් විධිමත් ව කටයුතු කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
දිනූෂි ධීරසිංහ


