රෂිකා හෙන්නායක අගෝස්තු 26 , කොළඹ LNW :
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ රඳවා සිටි පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් පාදක කරගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අදාළ වැටලීම සිදුකළ කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවක් ලබා දී තිබේ.
පොලීසිය පවසන පරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පලායාමට උත්සාහ කිරීම නිසා ඇති වූ වැටීමකින් තුවාල ලබා ඇති අතර, පසුව ඔහු රෝහල්ගත කර අධිකරණය මගින් ඇප මත මුදාහැර ඇත.
විමර්ශන කටයුතු අපක්ෂපාතීව සිදුකිරීම සඳහා ඇල්පිටිය කොට්ඨාසයෙන් බැහැර උසස් පොලිස් නිලධාරියෙකු යටතේ පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
මෙම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත පදනම්ව වැරදිකරුවන්ට එරෙහිව වැඩිදුර විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.


