රෂිකා හෙන්නායක අගෝස්තු 26 , කොළඹ LNW :
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සමස්ත පිරිවැය රුපියල් මිලියන 254ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ(25) දින මහගල්ගමුව වැව් තාවුල්ලේදී ආරම්භ කරන ලදී.
ගල්ගමුව ගොවීන්ට ජලය නොමැතිකම හේතුවෙන් එක් කන්නයක් පමණක් වගා කල යුගය අවසන් කරමින් ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මහගල්ගමුව ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි 6,500ක් වන නමුත්, ජලපෝෂක ප්‍රදේශයෙන් ලැබෙන් ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා පූර්ණ ජල මට්ටමට ළඟාවීට නොහැකිව පවතී. මෙම වැව පෝෂණය කිරීම මඟින්, ආරම්භයේ සිටම ජල හිඟයකින් පෙළෙන පාලුකඩවල යෝජනා ක්රමයේ II අදියර යටතේ ඇති කුඹුරු අක්කර 800කට වාරි ජලය සැපයීමට හැකියාව ලැබේ. ව්‍යාපෘතියන් පසු වගාබිම් අක්කර 1,400 කට ආසන්න ප්‍රමාණයක් යල මහ කන්න දෙක සදහාම වාරි ජලය සැපයීමට හැකියාව ලැබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා
මෙසේ සදහන් කළේය.
“ මහගල්ගමුව පෝෂිත ඇළ වාරි ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන දැවෙන ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් . මෙම වාරි ව්‍යාපෘතියට අදාළ පැරණි වැඩකටයුතුවලදී විශාල මුදලක් අපතේ ගොස් ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබෙනවා. එම පැරණි ව්‍යාපෘතියේ පැවති දූෂිත තත්ත්වය හේතුවෙන් එය එලෙසම ඉදිරියට කරගෙන යා නොහැකි නිසා, කැබිනට් අනුමැතිය හරහා නව ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරනවා. 2027 එළඹෙන මහ කන්නය වන විට ගොවීන්ගේ කුඹුරුවලට වතුර ලබා දීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”



