නේපාලයේ හිමාල කලාපයේ හිම කඩා වැටීම් සහ ගංවතුර හේතුවෙන් 22 දෙනෙකු මියගොස් , සිය ගණනක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නේපාලයේ සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් විශාල ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් අට දෙනෙකු මියගොස් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

හිම කන්දක් කඩා වැටීමෙන් ගංගාවක් අවහිර වී මෙම ස්වභාවික විපත්තිය සිදු වී ඇති අතර, ඉන් ගම්මාන, මාර්ග සහ විදුලි ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුවී තිබේ.

අතුරුදහන් වූවන් අතර විදේශීය සංචාරකයින් විශාල පිරිසක් ද සිටින බැවින් නේපාල හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා සහන සේවා ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම ආපදාව නිසා දේශසීමා ප්‍රදේශවල විදුලිය සහ සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන් වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි අහිතකර කාලගුණික තත්ත්වයන් වර්ධනය වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙන අතර චීන සහ නේපාල බලධාරීන් එක්ව කඩිනම් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත. නේපාල අග්‍රාමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...