Raheem Sterlingට එරෙහිව රිය අනතුරු චෝදනා…

රෂිකා හෙන්නායක අගෝස්තු 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රකට පාපන්දු ක්‍රීඩක රහීම් ස්ටර්ලින්ට එරෙහිව බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අන්තරායකර රිය ධාවනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බව පුවත් වාර්තා වේ.

2025 මැයි මාසයේදී මෝටර් රථ මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පසු ඔහුට නයිට්‍රස් ඔක්සයිඩ් ළඟ තබා ගැනීම සහ පරීක්ෂණ සඳහා සාම්පල ලබා දීම ප්‍රතික්ෂේප කිරීම යන චෝදනා ද එල්ල වී තිබේ.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, අදාළ නඩු විභාගය සඳහා සැප්තැම්බර් 15 වන දින ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

වෘත්තීය මට්ටමෙන් දැනට කිසිදු කණ්ඩායමකට ක්‍රීඩා නොකරන ස්ටර්ලින්, සිය ලැම්බෝගිනි රථය මාර්ගයේ ආරක්ෂක වැටක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...