දුම්රිය සේවකයින්ට රාජකාරී වෙලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ.

එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන හෙයින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දක්වා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ අවසරය මෙම නව චක්‍රලේඛය යටතේ හිමිවී තිබෙන අතර ඊට අමතරව එම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවඑම චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...