රෝහිත අබේගුණවර්ධනගේ විදෙස් ගමන් තහනම ඉවතට …

Date:

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතා සිය දරුවාගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා එංගලන්තයට යාමටත් සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතාලියට යාමටත් අවසර ලබාදෙන ලෙස නීතීඥයින් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ය.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10ක ඇපයක් මත ඔක්තෝබර් 10 වනදා සිට නොවැම්බර් 20 වනදා දක්වා ඒ මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

රෝහිත අබේගුණවර්ධන මහතාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...