ගමට යන නිසානෙ මේ ඔක්කොම – හෙල්මට් ප්‍රහාරය ගැන චාමර කියන කතාව

Date:

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ එය එතරම් ගණන් නොගත යුතු සාමාන්‍ය දෙයක් බවයි. කොළඹට වී නොසිට තමාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ගේ ගැටලු විමසා බලමින් ගමේ ජීවත්ව සිටින නිසා මෙම ප්‍රහාරය එල්ල වූ බවද චාමර සම්පත් මහතා සඳහන් කරනවා.

තමා තවමත් බදුල්ලේ ජනතාවගේ මගුල් ගෙදරට, අවමගුල් ගෙදර සහභාගි වන සාමාන්‍ය වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නා සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවත් එනිසා මෙවැනි සිදුවීම්වලට ලක්වීම සාමාන්‍ය තත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම සිදුවීම මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කළ බවටද රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරනවා. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයා දෛනිකව මත්පැන් පානය කර කුමන හෝ පුද්ගලයෙකු සමග ගැටුම් ඇතිකර ගන්නා අයෙක් බවත්, එය සංවිධානාත්මකව සිදු වූ ප්‍රහාරයක් හෝ විරුද්ධ පක්ෂයක මෙහෙයවීමකින් සිදු වූ ප්‍රහාරයක්‌ හෝ නොවන බවද චාමර සම්පත් මහතා ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...