සමස්ත අර්බුදය මුළු ජනතාව අතරේම බෙදීයන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ – දිළුම්

රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය පිළිගනිමින් ඊට මුහුණ දීමට සිදුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රටේ තියෙන සමස්ත අර්බුදය මුළු ජනතාව අතරේම බෙදාගන්න සිද්ධ වෙනවා, වෙන කරන්න දෙයක් නැති තත්වයට පත්වෙලා තියෙනවා. විදුලි බිල සම්බන්ධයෙන් අපට පේනවා අද ගරුතර සංඝයා වහන්සේලා විරෝධයක් දක්වලා තියෙනවා, නමුත් කාටවත් ප්‍රහාරයක් එල්ල කරන්න කවුරුවත් කටයුතු කළේ නෑ. මම දකින්නේ මේකට ප්‍රධාන හේතුව තමයි ජනාධිපතිවරයා ඇත්ත යකා පෙන්නලා නෑ. අපි යකා නොපෙන්නා ඉන්න එකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒ කරුණු කාරණ පෙළගැහිලා තියෙන්නෙ. දැන් ඒකට කරන්න දෙයක් නෑ. සහනවලින් එළියට ඇවිල්ලා, බනින කට්ටියට බැනලා, තරහා වෙන අයට තරහා වෙලා, ඡන්දෙ දෙන අයට දීලා නොදෙන අයට නොදීලා, කොහෙහරි ඇත්ත තත්වය අනුව මේ ප්‍රශ්නය විසඳෙන්න සිද්ධ වෙනවා”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...