මිනීමැරුම් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට !

රන්මාල කොල්ලයක් සහ මිනීමැරුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට ගිය සැකකරුවකු අද (30) අළුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ – පහළගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා පසුගිය 20 වනදා ගම්පහ – අකරවිට ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන්මාලය සහ අත්බෑගය කොල්ලකා තිබුණු අතර එම අවස්ථාවේදී ඇයව බේරාගැනීමට පැමිණි ඇගේ සැමියාට සහ පියාට තියුණු ආයුධයකින් පහරදී තිබිණි. එම ප්‍රහාරයෙන් රෝහල්ගත කෙරුණු කාන්තාවගේ සැමියා මියගියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට ගැනීමට අද අළුයම පොලිස් කණ්ඩායමක් ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේදී වැටළීමක් සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරු පොලිස් නිලධාරීන්ට මන්නයකින් පහරදී පළායාමට උත්සාහ කර ඇති බවත් එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවත් පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...