ගල්අඟුරු සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

Date:

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති තනතුරින් ජගත් පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජගත් පෙරේරා මහතා ඇමතිවරයා වෙත දන්වා තිබෙන්නේ නීත්‍යනුකූල හා විනිවිදභාවයකින් යුක්තව ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වවලින් දිගින් දිගටම විවේචන හා බලපෑම් එල්ල වූ බවයි. එනිසා තවදුරටත් සභාපති තනතුරේ කටයුතු කළ නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු දැනුම් දී තිබෙනවා.

ගල්අඟුරු ගෙන්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සාහ දරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට ඇමතිවරයා විසින් පිළිගෙන ඇති අතර මේ දක්වා නව සභාපතිවරයෙක් පත්කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...