නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශනය: ශිරාන් බසික්ගේ පියා සැප්.25 දක්වා රිමාන්ඩ්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බසික් සැප්තැම්බර් 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ කොටුව අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මෙම සැකකරු ඊයේ (11) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක රුපියල් මිලියන 30ක් වටිනා නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් රසාක්ට චෝදනා එල්ල වී තිබේ.

එම දේපළ මිලදී ගැනීම සඳහා යොදාගත් මුදල්වල මූලාශ්‍රය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔහුව නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වෙත කැඳවා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...