අනුරාධපුර පොහොට්ටු රැලියට විශාල සෙනඟක්. විමල් ගම්මන්පිල සමග අර්ච්චුනාත් එක්වෙයි

“ජන සටන” මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පවත්වන රැලියට විශාල සෙනඟක් එක්ව සිටින බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස් මෙන්ම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා යන මහත්වරුන් ද සහභාගී වී සිටිති.

මෙම රැලිය පවත්වන නගරසභා ක්‍රීඩාංගනය තරමක් කුඩා එකක් නිසා රැස්වීම් භූමියේ සිටින පිරිසට අමතරව ක්‍රීඩාංගනයෙන් පිටත ද විශාල පිරිසක් බස් රථත් සමග රැඳී සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...