සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 12 : බ්රිතාන්යයේ අගමැති අපේක්ෂකයකු වන නයිජල් ෆරාජ්ගේ නායකත්වයෙන් යුත් Reform UK දේශපාලන පක්ෂයට පවුම් මිලියන 72ක දැවැන්ත පරිත්යාගයක් ලැබී තිබේ.
ක්රිප්ටෝ මුදල් ක්ෂේත්රයේ ප්රකෝටිපතියෙකු වන Christopher Harborne විසින් පක්ෂයට පවුම් මිලියන 36ක් හා තවත් ක්රිප්ටෝ ව්යවසායකයෙකු වන Ben Delo විසින් පක්ෂයට පවුම් මිලියන 36ක පරිත්යාගයක් මෙලෙස ලබා දී ඇත.
ඒ අනුව පැය 48ක කාලයක් තුළ Reform UK පක්ෂයට ක්රිප්ටෝ ක්ෂේත්රයට සම්බන්ධ පරිත්යාගශීලීන් දෙදෙනෙකුගෙන් ලැබුණු නව මුදල් ප්රමාණය පවුම් මිලියන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Harborne සඳහන් කර ඇත්තේ, තමන් මීට පෙර Reform UK වෙත මසකට ආසන්න වශයෙන් පවුම් මිලියනයක පරිත්යාග සිදුකරමින් සිටි බවත්, Delo විසින් පවුම් මිලියන 36ක වාර්තාගත පරිත්යාගයක් ලබාදීමට තීරණය කළ බව දැනගත් පසු, එම මුදලට සමාන පරිත්යාගයක් සිදුකිරීමට තමන් පෙළඹුණු බවත් ය.
මේ අතර, Reform UK පක්ෂයට ලැබෙන දැවැන්ත දේශපාලන පරිත්යාග පිළිබඳ අවධානය යොමුව ඇති අතර බ්රිතාන්ය පොලිසිය විසින් දේශපාලන පරිත්යාග සහ විදේශීය අරමුදල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පුළුල් කර තිබේ.
Reform UK පක්ෂය කිසිදු වරදක් සිදුකර නොමැති බව පවසමින් පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදෙන බව ප්රකාශ කර ඇති අතර ඉදිරි බ්රිතාන්ය මහ මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින Reform UK පක්ෂයට මෙවැනි දැවැන්ත පරිත්යාග ලැබීම, එරට දේශපාලන අරමුදල් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන සිදුවීමක් බවට පත්ව තිබේ.

