කැච්වලින් මිස් වුණ මැච් එකක්

Date:

දීර්ඝ තරග කාලයක නිමාවේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම උපයාගත් කීර්තිය ඊයේ රාත්‍රියේ පැය කිහිපයකදී සම්පූර්ණයෙන් හිස් කර ගත්තේ අවසාන තරගයේදී ඉන්දියාව වෙතින් අත්කර ගත් පරාජය නිසාය.දිනන්න තිබුණ තරගයක් පරාජයවීම නිසා මේ වන විටත් විවිධ චෝදනා එල්ලවෙමින් ඇතත් වැරදීම් කිහිපයක් නොව එක් වැරදීමක් නොව අර්ධ අවස්ථාවක් ගිලිහී යාමේත් විපාකය පරාජය වීමට හැකිය.එය නින්දාවට කාරණයක් නොවුණද,ඊට දිනකට පෙර ලෙජන්ඩ්ස් යනු කුමනාකාරයේ පිරිසක්ද යන්න ලොවට පෙන්නූ කණ්ඩායමක් පරාජයවීම අපට මෙන්ම එම කණ්ඩායමටද කම්පණයක් ඇති කරන සිඳුවීමකි.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි විය.මුලින්ම පන්දුවට පහරදීමේ වරය ඉන්දියාව ලබා ගත්තේය.සචින්ගේ තීරණය ගැන සචින්ටම දොලොව රත්වෙන පන්දුවක් එල්ල කළ නුවන් කුලසේකර යොමු කළ පන්දුවෙන් සචින් ලකුණු නොලබා දැවී ගියේය.නමුත් නමාන් ඕජා අත හැරපු උඩ පන්දු කිහිපයකින් පන්නරය ලබමින් ලකුණු 108 ක් ලබා පන්දු ඕවර් 20 ම කඩුල්ලේ රැදි සිටියේය.විශාල සහක් නොලැබුණ ද,තෙවන කඩුල්ල සඳහා ඕජා ලකුණු 90 සබඳතාවයක් පැවත්වූවේ විනේ කුමාර් (36) සමඟය.යුවරාජ් සිං (19) සහ ඉරෆාන් පතාන් (11) හැරුණ විට කිසිඳු ඉන්දීය පිතිකරුවෙක්ට ඉලක්කම් දෙකක ලකුණු ගණනකට ඉඩ නොලැබුණු ඉන්දීය ඉණිම සම්පූර්ණයෙන් ඕජා මත ගොඩ නැඟී ලකුණු 195 දක්වා දිග හැරිණ.දැවි ගිය ඉන්දීය කඩුලු හයෙන් තුනක්ම නුවන් කුලසේකර ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 29 ක් ලබා දෙමින්ය.

පිළිතුරු ඉණිමේ ඉලක්කය විශාලවීම නිසා එල්ල වූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වන්නට විය.ඉදිරිපෙළෙන් සාර්ථක ඉණිමක් සමඟ කඩුලු සබදතාවයක් නොපැමිණි අතර ඒ නිසාම මැද පෙළට එල්ල වු පීඩනය දුෂ්කර එකක් විය.නමුත් ඉෂාන් ජයරත්න අගනා ලකුණු 52 ක් පන්දු 22 තුළ ලබමින් හයේ ඒවා සහ හතරේ ඒවා සමවන්නට හතර බැඟීන් එල්ල කරමින් ගෙන ගිය සටන්කාමි ඉණිමට මහේල උඩවත්ත හොඳ සහයක් ලබා දුන්නේය.පෙර තරග කිහිපයක ඉණිම අරඹමින් සිටි මහේල පසුපෙළින් විත් පන්දු 19 දී ලකුණු 26 ක් එක් කළේ,හත්වන කඩුල්ලට ඉෂාන් සමඟ ලකුණු 63 ක සබඳතාවයක් ඇති කරමින්ය.

නමුත් ශ්‍රී ලංකාවට නොහැකි වූ හොඳ පන්දු රැකීමක් සමඟින් පන්දු යවන්නන්ට විශාල සහයෝගයක් එකතු කළ ඉන්දීය පන්දු රැකීම ශ්‍රී ලංකාව ලකුණු 162 දී නවතා දැමීය.පන්දු යැවීමේදී විනේ කුමාර් වැඩිම කඩුලුලාභියා වෙමින් ලකුණු 38 ට කඩුලු 3 ක් දවා ගත්තේය.නමුත් දෙපිළේ ජයග්‍රහණයේ සාධකය බවට පත් වූයේ පන්දු රැකීම වූ අතර,ඇතැම් විට ඊට පෙරදිනද ක්‍රීඩා කරන්නට සිඳුවීම නිසා ශ්‍රී ලංකා ලෙජබ්ඩ්ස් මත පැටවුණු වෙහෙසද ඊට හේතුවන්නට තිබිණ.තරගයේ වීරයා නමාන් ඕජා වූ අතර තරගාවලියේ වීරයා වන්නට තිලකරත්න ඩිල්ෂාන් සමත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...