අපිට මේ වාරයේ තව අවුරුදු 3ක් තියෙනවා, තව වාර ගොඩක් තියෙනවා. ඒ ඔක්කොගේම හොරු අල්ලනවා – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

හොරු ඇල්ලීමේ ක්‍රියාවලියේදී තමන් සිටින්නේ ඇස් බැඳගෙන බවත් කවුද කියන මන්ද යන්න නොබලා, තරාතිරම නොබලා වංචනිකයින්ට දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මම දැක්කා හිටපු ඇමති කෙනෙක් කියනවා හොරු අල්ලන එකෙත් සීමාවක් තියෙනවාලු. හොරු අල්ලන සීමාවක් කොහෙද ? දැක්කද කියනවා, හොරු අල්ලන එකෙත් සීමාවක් තියෙනවා දැන් මේ සීමාවක් නැතිව අල්ලනවා. සීමාවක් නැතිව අල්ලනවා තමයි. ජනතාව ඒකට ජනවරමක් දීලා තියෙනවා. කවුරුහරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පළිගැනීමක් කියලා. නෑ මේක පළිගැනීම් නෙවෙයි. අපි පළිගන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි අපි අවුරුදු දෙකක් මේ වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කළා. ඒවාට මානව සම්පත, භෞතික සම්පත් දුන්නා. අලුතින් අධිකරණ හැදුවා. කොළඹ විතරක් මහාධිකරණ 07ක් හැදුවා. දැන් වැඩේ තියෙන්න කාගාවද ? පරීක්ෂණ කරන්න ඕනෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. නඩු ගොනුකරන්න ඕනෙ නීතිපති දෙපාර්තමේන්තුව. නඩු විභාග කරන්න ඕනෙ අධිකරණය. අපි එහිදී යම් ප්‍රමාණයකට ඇස් බැඳගෙන ඉන්නෙ. ඒ නිසා කවුරුවත් ඇඬුවාට අඬන එක අපිට පේන්නෙ නෑ. අපි තරාතිරම නොබලනා, කවුද කින්ද මන්ද නොබලා, පවුලෙ එක්කෙනාද පවුලෙ පස්දෙනාද අපිට අදාළ නෑ. අපි ඇස් බැඳගෙන ඉන්නෙ. ඒ නිසා පුතා ගිහිල්ලා, තාත්තා අඬනවා, අපිට කියන්න එපා. අපිට පේන්නෙ නෑ. අදාළ ආයතනවලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ බලතල ලබාදීලා දැන් වැඩේ වෙනවා. එතකොට කියනවා හොරු එල්ලන එකෙත් සීමාවක් තියෙනවාලු. මතක තියාගන්න, අපිට මේ වාරයේ තව අවුරුදු 3ක් තියෙනවා, තව වාර ගොඩක් තියෙනවා, ඒ ඔක්කොගෙම අල්ලනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජනහමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...