ජනාධිපති සමාව නව ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු !

උපාලි කොළඹගේ
කොළඹ LNW:පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට දී තිබුණු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ඉවත් කළා. ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගය හෝමාගම උසාවියේ පැවති අවස්ථාවේ උසාවියට අපහාස වන අන්දමට හැසිරීම එම ස්වාමීන් වහන්සේට එරෙහිව එල්ල වූ චෝදනාව වූ අතර අධිකරණය විසින් හය අවුරුදු සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

පසුව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබුණු බලතල අනුව යයි ප්‍රකාශ කරමින් එම හිමි නම ජනාධිපති සමාව මගින් නිදහස් කළා.

නමුත් එලෙස නිදහස් කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවුණු බව රටේ පිළිගත් නීති වේදීීන් එම අවස්ථාවේම ප්‍රකාශ කරසිටියා. මේ මගින් ඊනියා ජාතිවාදී දේශපාලන බල ඇණියට මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමේ අවස්ථාව උදා වුවද මේ ගැන සමාජය තුළ යළිත් දැඩි කතා බහක් ඇතිවී තිබේ.

අපේ මතය නම් ජනාධිපති සමාව යන්න සම්පූර්ණයෙන් ම මුලිනුපුටා දැමිය යුතු බවයි. පහළ උසාවියේ සිට ඉහළ ම උසාවිය දක්වා දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසු කෙනකුට දඬුවම් නියම වූ පසු එය යළි ආපසු හැරවීම අනවශ්‍ය බවයි අපේ මතය. එය අනීතික නූනත් ව්‍යවස්ථාවට අනුකූලව සිදුකෙරෙන නීතිමය වංචාවක් ලෙසයි මා දකින්නේ.

එය ජනාධිපතිවරුන්ට බලය අයුතු ලෙස භාවිතා කිරීමේ ව්‍යවස්ථාමය පළිහක් ද වනවා. මේ ආණ්ඩුව කියන ආකාරයට අනාගතයේ නව ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් මේ පලිබෝධය ඒ අවස්ථාවේ පහසුවෙන් ඉවත් කළ හැකියි.

නමුත් අවශ්‍ය අවස්ථාවක දී ප්‍රයෝජන ගැනීමේ අදහසින් මේ අයුතු බලය දිගටම පවත්වා ගෙන ගිය හොත් එය බල තෘෂ්ණාවේම කොටසක් ලෙසයි අප අවබෝධ කරගනුයේ. ජේ ආර් ගේ ව්‍යවස්ථාවේ අනික් ඔක්කොම වැරදියි මේක විතරක් හරි වෙන්න බැහැනෙ.

කොහොම වුණත් 71 කැරැල්ලට නායකත්වය දීම හා කැරලි ගැසීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම හා ජනාධිපතිවරණයට තරග කිරීමේ ක්ෂණික ආනිසංසයක් වශයෙන් සරත් පොන්සේකා සිරගත කිරීම පමණයි මෙහි දේශපාලනයට සබැඳි සිද්ධීන් වනුයේ. ඒ දෙපිරිසටම ජනාධිපති සමාව ලැබුණු අතර එම නිදහස් කිරීමට හේතුවූ විශේෂිත කරුණු පවතී. රෝහණ විජේවීරලා සිරගතවූ කාලයේම විදේශ විනිමය වංචා සම්බන්ධයෙන් පැවති නඩු විභාග වලින් වරදකරුවන් වූ කොටිපති ව්‍යාපාරිකයන් පිරිසක්ද සිර ගතව සිටියා. මේ වාංචනිකයන් නිදහස් කිරීමට අනුබලයක් වන ලෙස විජේවීරලා නිදහස් කළ බවට වූ මතයක්ද ඒ දිනවල සමාජය තුළ පැතිර ගියා.

සරත් පොන්සේකා මහතා නිදහස් කිරීමට දේශීය හා විදේශීය බලපෑම් හේතුවූ බව කාටත් මතක ඇති. එයද දැඩි කොන් දේසි මත සිදු වූවකි. එමෙන්ම සිරගෙය තුළ සෑහෙන කාලයක්ඉන්න ඉඩ හැර සිදු කළ එපා වාහෙට හොදි බෙදීමකි.

දැඩි ලෙස සමාජය කම්පනයට පත් කළ මුල්ම ජනාධිපති සමාව වූයේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරද කරුවී සිරගතව සිටි ගෝනවල සුනිල් නමැත්තා නිදහස් කිරීමය. ඔහු යූඇන්පියේ මැර කල්ලියේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි.
.
එය ජනාධිපති බලතල අයුතු ලෙස ක්‍රියාවට නැංවුණු අවස්ථාවක් ලෙසය එදා හැඳින් වූයේ. ඒ, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දුන් ආකාරයයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට දෙවෙනි වන්නේ නැහැ. ද්විත්ව මිනීමැරුමකට වරදකරුවූ මේරි ජුලියට් ප්‍රනාන්දු නමැත්තියට ජාත්‍යන්තර කාන්තා දිනයේදී ජනාධිපති සමාව ලබා දීම සමාව ලබා දීම බොහෝ කාන්තා සංවිධාන විසින් ඒ දිනවලම හෙළා දැක්කා. ඝාතනය වූ කාන්තාවන් වූ මහින්ද ප්‍රිය මන්ත්‍රීවරයකුගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාවයි.

රෝයල් පාක් මිනීමැරුම ලෙස හැඳින්වූ තරණියක ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාරගතව සිටි ජයමහ නැමැති තරුණයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම අනික් සිද්ධියයි.

එපමණක් නොව නිදහස් කළ පසුදාම ඔහුරටහැර යෑමමෙහි අනික් විශේෂත්වයයි. එය එතරම්ම සැලසුම් සහගතව සිදුවූවක් විය.

මේ අනුව ජනාධිපති සමාව දීමේ වරම තවදුරටත් පවත්වා ගෙන යා යුතුද ? ඔබම සිතන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...