අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට වඩා වර්තමානයේ තරුණ පරම්පරාව හමුවේ ඇත්තේ ආණ්ඩුකරණය පිළිබඳ අරගලයක් – ඇමති පන්නිල

කොළඹ LNW:ඉදිරි වසර 10–15 ඇතුළත ශ්‍රී ලංකාවේ තීරණාත්මක බලවේගය වන්නේ 1997 වසරෙන් පසු උපන් ජෙන් Z (Gen Z) සහ ඇල්ෆා (Alpha) පරම්පරාවල තරුණ තරුණියන් බැවින්, අනාගතය භාරගැනීමේ ප්‍රධාන වගකීම ඔවුන් වෙත පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) සමාජවාදී තරුණ සංගමය මගින් දිවයින පුරා පවත්වනු ලබන ‘යූත් සමිට්’ (Youth Summit) වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනයේ සමුළුව අමතමිනි.

එය ඊයේ පෑලියගොඩ රෝයල් බෝට් හෝටල් පරිශ්‍රයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සියලු ජනතාවට සතුටින් ජීවත් විය හැකි ලස්සන රටක් නිර්මාණය කිරීම උදෙසා ගම්, කොට්ඨාස, ආසන, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරුණයන් සංවිධානය කිරීම සමාජවාදී තරුණ සංගමයේ වගකීම බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

තවද, අතීතයේ පැවති අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට වඩා වර්තමානයේ තරුණ පරම්පරාව හමුවේ ඇත්තේ ආණ්ඩුකරණය පිළිබඳ අරගලයක් සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ අරගලයක් බවත්, පසුගිය පාලකයන් සිදු කළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පවත්වන විමර්ශන සහ ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග වෙනුවෙන් තරුණ පරම්පරාව සක්‍රියව පෙළගැසිය යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේය.

වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, 1957 වසරෙන් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනයේ ආදායම් සහ වියදම් අතර පරතරය අවම මට්ටමකට ගෙන ඒමට රජය සමත් වී ඇති බවයි. එමෙන්ම, 2025 වසර සඳහා අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 4,990 ඉක්මවා යමින් රුපියල් බිලියන 5,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, රාජ්‍ය ආදායම ජාතික ආදායමෙන් 16.3%ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත්, නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමත්, එමඟින් නිෂ්පාදනය වර්ධනය කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කරගැනීම සහ එහි ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදී යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති සඳුන් යාපා, උප සභාපතිනි ලක්ෂිකා සුභාෂිණී, පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන්කිර්ති ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...