රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ LNW :
එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, එමගින් ජනතාවගේ පානීය ජල අවශ්යතා සඳහා බලපෑම් එල්ල වී තිබේ.
පොළොන්නරුව දිස්ත්රික්කයේ දිඹුලාගල, වැලිකන්ද සහ හිඟුරක්ගොඩ ප්රදේශවල පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සඳහා බවුසර් රථ මගින් පානීය ජලය සැපයීමට කටයුතු කර තිබේ.



