හෙල්ලයෙන් රටක් බබළවන රුමේෂ් ජාත්‍යන්තර ත්‍රෝපි දෙකක් දෑත දරාගෙන දිවයිනට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකේය අභිමානය අඛණ්ඩව පවත්වාගෙන යමින් ජයග්‍රහණ ගෙන ආ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔහුට සිය හැකියාව තවදුරටත් තහවුරු කරමින් ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි විය.

රුමේෂ් තරංග හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 91.09ක ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

ලොව හොඳම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු මෙම තරගාවලියේදී, මෙරට වේලාවෙන් පෙරේදා (13) රාත්‍රි 9.43ට තරග බිමට පිවිසි රුමේෂ් තරංග සිය දක්ෂතාවය පෙන්නුම් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

දෙවන ස්ථානය දිනාගත් ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර් 4.91ක ස සැලකිය යුතු පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත් රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් අභිබවා යමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...