සලේ ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර අදාළ පැමිණිල්ල අද (15) දින කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රන්ජන් සෙනරත් බණ්ඩාර නැමැත්තා විමර්ශනවලට අවශ්‍ය අයකු වීම සහ ඔහු රටින් පලායාමේ අවදානමක් පැවතීම නිසා ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...