සලේ ගැන වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම නිසා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර අදාළ පැමිණිල්ල අද (15) දින කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වන රන්ජන් සෙනරත් බණ්ඩාර නැමැත්තා විමර්ශනවලට අවශ්‍ය අයකු වීම සහ ඔහු රටින් පලායාමේ අවදානමක් පැවතීම නිසා ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...