කොළඹ LNW:කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ,නිවාස,ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධනෙත්වයෙන් පවත්වා තිබේ.
ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නළ පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් ඉදිකිරීමට නියමිතයි.
ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 73ක් වන අතර ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සමඟ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු ද සහභාගී වූහ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කර ගනිමින්, අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.




