සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 15 : යේමනයේ හූති සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන ඉහළ යාමත් සමඟ සෞදි අරාබියට අමතර හමුදා සහාය ලබාදීම සම්බන්ධයෙන් බ්රිතාන්යය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
Bloomberg වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා කර ඇත්තේ, සෞදි අරාබිය විසින් හූති තර්ජනයට මුහුණදීම සඳහා බ්රිතාන්යයෙන් හමුදා සහාය ඉල්ලා ඇති බවයි.
එම වාර්තා අනුව සෞදි අරාබියට සහාය වීම සඳහා බ්රිතාන්ය හමුදා උපදේශකයන් යැවීමට එකඟ වී ඇති අතර, සෞදි තෙල් පහසුකම් හූති ප්රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා හමුදා සහායක් ලබාදීම පිළිබඳවද සලකා බලමින් සිටින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, බ්රිතාන්ය සටන් හමුදා සෘජුවම යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් සඳහා යෙදවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන ඇති බවක් මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර, හූතිවරුන්ගේ බලපෑම බාබ් අල්-මන්දෙබ් සමුද්ර සන්ධිය ආශ්රිතව ඉහළ යාම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුව තිබේ. රතු මුහුද සහ ඒඩන් බොක්ක සම්බන්ධ කරන මෙම නාවික මාර්ගය ලෝක වෙළෙඳාමට මෙන්ම ගෝලීය බලශක්ති සැපයුම් දාමයටද ඉතා වැදගත් මාර්ගයකි.
එම නාවික මාර්ගයේ ආරක්ෂාවට ඇතිවන ඕනෑම බාධාවක් ලෝක වෙළෙඳාමට සහ තෙල් ඇතුළු බලශක්ති මිල ගණන්වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බැවින්, සෞදි අරාබිය සහ එහි හවුල්කරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙති.
විශේෂයෙන් සෞදි තෙල් යටිතල පහසුකම්වල ආරක්ෂාව සහ කලාපයේ ප්රධාන නාවික මාර්ග විවෘතව තබා ගැනීම ඉදිරි දිනවලදී බ්රිතාන්යය ඇතුළු බටහිර රටවල ප්රධාන අවධානයක් බවට පත්වනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

