රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :

ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගත් හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග විදේශගතව සිට දිවයිනට පැමිණෙන විට ඔහුගේ හෙල්ල පහකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වූ අතර, මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඔහු තුර්කි ගුවන් සේවයට එරෙහිව සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා භාවිත කිරීමට සිටි වටිනා උපකරණ මෙලෙස විනාශ වීම හේතුවෙනි.

ක්‍රීඩකයා මුහුණ දුන් මෙම දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, ඔහුට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගෙන තිබේ.

අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්විමන් රුමේෂ් තරංග පැවසුවේ සිය ශූරතාවන් දැක්වූ හෙල්ලය ද කැඩි ගොස් ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට ගත් වන බවත්ය.අදාළ හෙල්ල තවත් දින කිහිපයකින් පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියටත්,  2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ද භාවිත කිරීමට සිය අපේක්ෂාව වී තිබූ බව ද රුමේෂ් තරංග සඳහන් කළේය. තවද, ඒවා සිහිවටන මෙන් තමන් සන්තකයේ තබා ගැනීමටත් සැළසුම් කර තිබූ බව  ඔහු වැඩිදුරටත් පැවසුවේය.  

ආසියානු ශූරතාවලිය සහ ඉදිරි ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් කරන රුමේෂ්ට මෙම සහයෝගය විශාල අස්වැසිල්ලක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...