චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:
ඉරානය හා ඇමරිකාව අතර ආතතිය තවදුරටත් ඉහළ යන පසුබිමක ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි බීජිං වෙත සංචාරයක නිරත වී තිබේ.

මෙම ඉරාන – චීන සාකච්ඡා සිදුවන්නේ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී ඇති අවස්ථාවකවන අතර චීනය පසුගිය කාලය පුරාම ඉරානය හා ඇමරිකාව අතර සෘජු සාකච්ඡා සහ ගැටුම් අවම කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි විසින් බීජිංහිදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමෙන් අනතුරුව ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව පිළිබඳ චීනයේ ස්ථාවරය අවධාරණය කර ඇති අතර, කලාපයේ ආතතිය අඩු කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත.

මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් පසුගිය BRICS සමුළුවේදී මැදපෙරදිග ගැටුම සමනය කිරීම සඳහා BRICS රටවලට වැඩි රාජ්‍යතාන්ත්‍රික භූමිකාවක් ඉටු කළ හැකි බව ප්‍රකාශ කර තිබූ අතර කෙසේ වෙතත්, අරාග්චිගේ බීජිං සංචාරය ඉරානය–චීනය සබඳතාවලට පමණක් නොව, ඉරානය හා ඇමරිකාව අතර ඉදිරි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියටද වැදගත් විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...