චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:
ඉරානය හා ඇමරිකාව අතර ආතතිය තවදුරටත් ඉහළ යන පසුබිමක ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි බීජිං වෙත සංචාරයක නිරත වී තිබේ.

මෙම ඉරාන – චීන සාකච්ඡා සිදුවන්නේ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී ඇති අවස්ථාවකවන අතර චීනය පසුගිය කාලය පුරාම ඉරානය හා ඇමරිකාව අතර සෘජු සාකච්ඡා සහ ගැටුම් අවම කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි විසින් බීජිංහිදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමෙන් අනතුරුව ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව පිළිබඳ චීනයේ ස්ථාවරය අවධාරණය කර ඇති අතර, කලාපයේ ආතතිය අඩු කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත.

මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් පසුගිය BRICS සමුළුවේදී මැදපෙරදිග ගැටුම සමනය කිරීම සඳහා BRICS රටවලට වැඩි රාජ්‍යතාන්ත්‍රික භූමිකාවක් ඉටු කළ හැකි බව ප්‍රකාශ කර තිබූ අතර කෙසේ වෙතත්, අරාග්චිගේ බීජිං සංචාරය ඉරානය–චීනය සබඳතාවලට පමණක් නොව, ඉරානය හා ඇමරිකාව අතර ඉදිරි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියටද වැදගත් විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...