කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති මෙම නඩුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව වේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත නාමල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබීය.

එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගනු ලැබූ රාජපක්ෂ මහතා, මේ වන විට සැප්තැම්බර් 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...