අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ ක්ෂේත්‍රයන් එකිනෙකට සම්බන්ධ කරමින් විශේෂ ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (15) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

දිස්ත්‍රික්කයේ ආර්ථිකය උසස් මට්ටමකට ගෙන ඒම එහි අභිප්‍රාය වන අතර දැනට පවතින ප්‍රධාන ගැටලුවක් වන ආයතන එකිනෙකින් වෙන්ව කටයුතු කිරීම වෙනුවට, සියලුම රාජ්‍ය ආයතන එක් ජාලයකට සම්බන්ධ කරමින් විධිමත් සම්බන්ධීකරණ කමිටුවක් හරහා මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී ප්‍රධාන තීරණ සහ නව යෝජනා කිහිපයක් ඉදිර්පත්ව තිබේ.
අගය එකතු කළ නිෂ්පාදන සහ විදේශ වෙළඳපොළ: සාම්ප්‍රදායික වගාවන්ගෙන් ඔබ්බට ගොස්, ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන කලාපය : ක්‍රියාකාරී මට්ටමේ පවතින ගැටලු නිරාකරණය කරමින්, කර්මාන්ත අමාත්‍යාංශය හා පළාත් සභාව එක්ව මෙම කලාපය වඩාත් ඵලදායී කර්මාන්ත පුරයක් ලෙස සංවර්ධනය කිරීම.
නූතන තාක්ෂණය භාවිතය: පොලිටනල් තාක්ෂණය සහ නවීන කෘෂි තාක්ෂණයන් ප්‍රචලිත කිරීම හරහා වගා හානිය අවම කර ඵලදායිතාව ඉහළ නැංවීම.
අනුරාධපුර සංචාරක සහ දේශීය වෙළෙඳපොළ: සංචාරක කර්මාන්තයට සහ දේශීය පාරිභෝගිකයාට එකම ස්ථානයකින් අගය එකතු කළ දේශීය නිෂ්පාදන මිලදී ගත හැකි විශේෂිත වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම.

ලබන දෙසැම්බර් මාසය වන විට විධිමත් ආයෝජන යෝජනාවලියක් සකස් කර ආයෝජක සමුළුවක් පැවැත්වීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.

මෙමගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීමටත්, තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්, සමස්ත
දිස්ත්‍රික්කයේම ආර්ථිකය නව මාවතකට යොමු කිරීමටත් අපේක්ෂා කෙරෙයි.

නිවාස, ඉදකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන්, අනුරාධපුර නගරාධිපති එන් කරුණාරත්න, ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් මෙම මූලික සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...