මොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිධුරයට!

Date:

නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මැතිතුමා  එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කෙරේ

නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා වන මොහාන් පීරිස් මැතිතුමා එම කමිටුවේ සභාපතිවරයා වශයෙන්  2022 සැප්තැම්බර් 29 වැනි දින ගෞරව පූර්වකව පත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කටයුතු මූලික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රධාන කමිටු හයක් (6) මගිනි. මෙහි පළමු කමිටුව ජාත්‍යන්තර ප්‍රජාවට බලපාන නිරායුධකරණය, ගෝලීය අභියෝග සහ සාමය උදෙසා එල්ල වන  තර්ජන සම්බන්ධයෙන් කටයුතු කරන අතර, ජාත්‍යන්තර ආරක්ෂක තන්ත්‍රයේ අභියෝග සඳහා ද විසඳුම් සොයයි. තවද, මෙම කමිටුව එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කොමිසම සහ ජිනීවා නුවර කේන්ද්‍ර  කොට ගත්   නිරායුධකරණය පිළිබඳ සමුළුව සමඟ ද සමීප සහයෝගයෙන් කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව 2022 ඔක්තෝම්බර් 03 වැනි දින සිය මූලික වැඩ කටයුතු ආරම්භ කරනු ඇත.

තානාපති පීරිස් මැතිතුමා 2021 ජනවාරි මස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත් කරන ලදී. එතුමා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුවරයා වශයෙන් සේවය කළ අතර, ඊට පෙර ශ්‍රී ලංකාවේ නීතිපති තනතුර ද හෙබවී ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහ එය තුළ කටයුතු කිරීම  සහ නිරායුධකරණය පිළිබඳ ගැටළු හා සබැඳි  පුළුල් අත්දැකීම් තානාපති පීරිස් මැතිතුමා සතු වේ. මේ වන විට එතුමා, ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටින ප්‍රදේශවල වෙසෙන පලස්තීන ජනතාවගේ සහ අනෙකුත් අරාබිවරුන්ගේ මානව හිමිකම්වලට බලපාන ඊශ්‍රායල ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා පත් කොට ඇති එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 සැප්තැම්බර් 30 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...