මහා ඔයේ දියේ ගිලීම : දෙදෙනෙකු මියයයි දෙදෙනෙකු අතුරුදහන්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

බදල්ගම, පෙරගහමංකඩ ප්‍රදේශයේ මහා ඔයේ සිදුවූ දියේ ගිලීමේ සිද්ධියකින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදහන්ව සිටී.

අතුරුදහන්ව සිටින තරුණියන් දෙදෙනා සොයා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසයි.

එම සිද්ධියෙන් මියගිය, වයස අවුරුදු 25ක් පමණ වන තරුණියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇත.

මෙම පුද්ගලයින් සිව්දෙනාම හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අද දහවල් කාලයේ මහා ඔයේ දිය නෑමට ගොස් සිටියදී එම තරුණියන්ගෙන් එක් අයෙකු දියේ ගිලී ඇත.

ඇයව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අනෙක් තිදෙනා ද දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදහන්ව සිටින කාන්තාවන් දෙදෙනා සොයා ගැනීමේ මෙහෙයුම බදල්ගම පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තවදුරටත් සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...