රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :
නාවගමුව, ඉහළ බොමිරිය ප්‍රදේශයේදී ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල, බොමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකි.
සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 48ක්, ව්‍යාජ ලේඛන හඳුනාගැනීමේ උපකරණයක් සහ ජංගම දුරකථනයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.



