*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/03

1. මෑත දින සංශෝධනය කරන ලද විදුලි බිල් වලට අදාළව සියළු පන්සල්වලට සහන ලබා දෙන ලෙස ත්‍රෛනිකායක අතිපූජ්‍ය මහනාහිමිවරු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලති – පන්සල්වලින් සමාජයට ලැබෙන්නේ අතිමහත් සේවයක් බව පවසති.

2. ණ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම දිගු කාලයක් ගතවන ක්‍රියාවලියක් වනු ඇති බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන අනතුරු අඟවයි – ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ආර්ජන්ටිනාවට ම වසර 11 ක කාලයක් ගත වූ බව සිහිපත් කර දෙයි – මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙත යොමුවී මාස 07ක් වන අතර, ණය පැහැර හැරීම ප්‍රකාශයට පත්කොට මාස 06 කි.

3. ඉකුත් වසර 08 ක කාලය තුළ පැවති රජයන් විසින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සඳහා වැයකර ඇති මුළු මුදල රු. මිලියන 504 ඉක්මවන බව අනාවරණය වෙයි – මෙකී කොමිසම්වලින් සිදුවූ ඵලප්‍රයෝජන මොනවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් නොමැත.

4. අරක්කු බෝතලයක මිල සාමාන්‍ය අගයක් වශයෙන් රු. 150 කින් ඉහළට – දුම්වැටි වර්ග දෙකක මිල රු. 05 කින් ඉහළට.

5. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත රැගෙන යා යුතු බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් පවසයි – ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ‘අප්‍රමාණවත් සහ සැර අඩු’ බව කියයි!

6. ජපාන අධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ගමනාගමන (LRT) ව්‍යාපෘතිය යළි පණනැංවීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රජය කියයි – මෙවන් සාකච්ඡා ආරම්භකළ හැක්කේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන ආරම්භකර තිබෙන්නේ නම් පමණක් බව ජපානය කියයි – කිසිඳු ණයහිමියකු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකවරුන් විසින් ප්‍රවර්ධනය කරන ලද ‘මෘදු’ ණය පැහැර හැරීම අනුමත කිරීමට සූදානම් නැත.

7. යුක්රේනයේ යුධ තත්ත්වය නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල මත ලෝකයේ බොහෝ රටවල් අසරණ වී ඇති බවත් ඒවාහි නව මානුෂීය අර්බුද නිර්මාණය වෙමින් පවතින බවත් ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවයි – ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් තුනකටම තම ආහාර පරිභෝජනය අඩුකිරීමට සිදුව ඇති බව අනාවරණය කරයි.

8. දේශීයව නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ගෙන්වන අමුද්‍රව්‍ය වර්ග 05කට පැනවූ බදු ඉවතට – මෙමඟින් තුවා 10 සනීපාරක්ෂක තුවා පැකට්ටුවක මිල රු. 50 – 60 කින් අඩුකළ හැකිවනු ඇත.

9. ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් 41 වියේදී දිවි සැරිය නිමාකරයි – “ඉනි අවන්” චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුනු අතර, එය හොඳම චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍ර විය.

10. නෙළුම් කුළුණ විවෘත කර පළමු දින 15 තුළදී පමණක් ලක්ෂයකට අධික ජනතාවක් එය නැරඹීමට පැමිණෙයි!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan