සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW :

හිටපු රාජ්‍ය බුද්ධි තොරතුරු ප්‍රධානී සුරේෂ් සල්ලේ සැප්තැම්බර් 28 වනදා තෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු බවට වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කරයි.

හිටපු රාජ්‍ය බුද්ධි තොරතුරු ප්‍රධානී (SIS) සුරේෂ් සල්ලේ සැප්තැම්බර් 28 වනදා දක්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේම රැඳී සිටිය යුතු බවට ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.

අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා, අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, සැප්තැම්බර් 28 වනදා වන විට සුරේෂ් සල්ලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නව වෛද්‍ය තක්සේරුවක් ලබා ගැනීමට නියමිත බවයි.
මේ අතර, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ,

තමන්ට මුරපද (passwords) අමතක වී ඇති බව පවසමින් සුරේෂ් සල්ලේ මහතා තවදුරටත් සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි.


එම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විකල්ප ක්‍රමවේද ඔස්සේ අදාළ විද්‍යුත් උපකරණ වෙත ප්‍රවේශ වීමට (access) පියවර ගන්නා ලෙස නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ද අධිකරණයට දැනුම් දුන්නේ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා රජයේ නිලධාරියෙකු වන බැවින් නීතිපති දෙපාර්තමේන්තුව ඔහු වෙනුවෙන් පෙනී සිටින බවයි. කෙසේ වෙතත්, සුරේෂ් සල්ලේ මහතා ජාතික රෝහලට ඇතුළත් කිරීම “වෛද්‍ය කුමන්ත්‍රණයක” කොටසක් බවට තමන් මීට පෙර දැක්වූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවද ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...