කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වර්තමාන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධානයෙන් ඔබ්බට රටේ ආර්ථික දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය.
රටේ බාහිර තත්ත්වය, විදේශ විනිමය සංචිත, ණය තිරසාරභාවය, මූල්‍ය තත්ත්වය, ආර්ථික වර්ධනය සහ වත්මන් විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනෙන් ඔබ්බට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය කොන්දේසි ඇතුළුව 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේ ම අවධානය යොමු විය. තිරසාර ණය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය තත්ත්ව, කළමනාකරණය කළ හැකි බාහිර මූල්‍ය අවශ්‍යතා සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා වැඩි දියුණු කළ අපේක්ෂාවන් ඇතුළුව වත්මන් වැඩසටහනේ අවසානයේ ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු මැනිය හැකි ආර්ථික තත්ත්වයන් පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමුව තිබේ.
රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ ආර්ථික ගැලපීම මඟින් වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික බරක් පැටවිය යුතු නැති බව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා IMF නියෝජිත පිරිස හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පවත්වාගෙන යන අතර පවුල සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් මුහුණ දෙන සැබෑ ආර්ථික තත්ත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසාන වශයෙන් තක්සේරු කළ යුත්තේ සමස්ත සාර්ව ආර්ථික දර්ශක හරහා පමණක් නොව, ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටමින් එහි බලපෑම හරහා බව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරන ලදී.
එමෙන්ම දරිද්‍රතාවය, දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා දීම, උද්ධමනය සහ ගෘහාශ්‍රිත ආදායම් කෙරෙහි, විශේෂයෙන්ම පහළ සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් මුහුණ දෙන ආර්ථික පීඩනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වඩාත් ජනතාවාදී ප්‍රවේශයක අවශ්‍යතාව විපක්ෂ නායකවරයා විසින් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් හමුවේ අවධාරණය කළේ ආර්ථික ස්ථායිකරණයෙන් පසු වැඩි ආයෝජන, රැකියා අවස්ථා, වැඩි දියුණුවූ ගෘහ ආදායම සහ ජනතාවට ශක්තිමත් ආර්ථික සුරක්ෂිතභාවයක් ඇති කරමින් තිරසාර සහ සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා රට සංක්‍රමණය විය යුතු බව යි. අනාගත බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කරන අතරම සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යා හැකි විශ්වසනීය ආර්ථික රාමුවක් 2027 මාර්තු මාසයෙන් ඔබ්බට වර්ධනය කිරීමේ වැදගත්කම ද ඔහු මෙහි දී අවධාරණය කළේය.
මෙම හමුවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණු කිහිපයක් වේ. එනම්,
● සමස්ත සාර්ව ආර්ථික දර්ශකවලින් ඔබ්බට බැලීමේ අවශ්‍යතාවය සහ දරිද්‍රතාවය, දැරිය හැකි මිල, කුටුම්භ ආදායම සහ රැකියා ඇතුළුව, ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටම්වල ඒවායේ බලපෑම තක්සේරු කිරීම.
● ණය සම්බන්ධ දුෂ්කරතා සහ ව්‍යවසායකත්වය සහ නිෂ්පාදන ධාරිතාව සඳහා වන පුළුල් ඇඟවුම් ඇතුළුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් මුහුණ දෙන ආර්ථික පීඩනය.
● රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සහ බදුකරණය වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි කුටුම්භ මත අසමානුපාතික බරක් පැටවෙන්නේ නැති බව සහතික කිරීමේ වැදගත්කම.
● සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තියට සහය වීමට සහ ආර්ථික ගැලපුම් වල බෙදා හැරීමේ බලපෑම් තක්සේරු කිරීමට විශ්වාසදායක, කාලෝචිත ගෘහ මට්ටමේ සහ දරිද්‍රතා දත්ත අවශ්‍යතාවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සාර්ව ආර්ථික ස්ථායීකරණය ජන ජීවිතය, දරිද්‍රතාවය, දැරිය හැකි මිල, ගෘහස්ථ ආදායම් සහ වැඩ කරන ජනතාවගේ ආර්ථික සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මැනිය හැකි දියුණුවක් බවට පරිවර්තනය විය යුතු බවයි.
අනුප්‍රාප්තික මූල්‍ය වැඩපිළිවෙළක් නොමැතිව ශ්‍රී ලංකාවට වර්තමාන EFF විධිවිධානයෙන් ඔබ්බට සාර්ථකව සංක්‍රමණය විය හැකිද යන්න තීරණය කරන ආර්ථික තත්ත්වයන් සහ ප්‍රමාණාත්මක දර්ශක මෙන්ම අඛණ්ඩ IMF මූල්‍ය ආධාර සලකා බැලිය යුතු තත්වයන් පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින සන්දර්භය තුළ මෙම හමුව සිදු විය. ප්‍රකාශිත වැඩසටහන් කාලසටහන යටතේ, 7 වැනි සමාලෝචනය 2026 ඔක්තෝම්බර් මාසය සඳහා සැලසුම් කර ඇති අතර 2026 දෙසැම්බර් අවසානයේ කාර්ය සාධනය මත පදනම්ව 08 වැනි සමාලෝචනය 2027 මාර්තු සඳහා සැලසුම් කර ඇත.
මෙම හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Evan Papageorgiou (Mission Chief), Mr. Enrique Flores Curiel, Ms. Dinar Prihardini, Ms. Ursula Wiriadinata, Ozlem Aydin, Mr. Yorbol Yakhshilikov, Mr. Klakow Akepanidtaworn, Ms. Yan Chen, Ms. Martha Woldemichael (Resident Representative) සහ Ms. Manavee Abeyawickrama එක්විය. එසේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, කබීර් හෂිම්, හෙක්ටර් අප්පුහාමි, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන් සේම මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, තලල් රාෆි, කුසුම් විජේතිලක, දිලුම් අලගියවන්න, සුරංග රණසිංහ යනාදීන් ද එක්විය.


