ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල අද (26) සිට පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 309කි.

සුදු සීනි තොග කිලෝග්‍රෑමයක මිල රුපියල් 04 කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 245ක් ලෙස දැක්වෙයි.

රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 242කි.

එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174ක් ලෙස දැක්වෙයි.

රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 173කි.

මේ අතර සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174කි.

දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම පහළ දැමූ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...