සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ පසුගියදා පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බවයි.
කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික ප්‍රමාණයක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව පැවසූ ඒ මහතා නුදුරේදීම එම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවත් පැවසීය.


