ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28:
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුමට විසඳුමක් ලබාගත හැක්කේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් පමණක් බව ඉරානය අවධාරණය කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාඝ්චි සඳහන් කර ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානයේ කොන්දේසි පැහැදිලි බවත්, එම කොන්දේසි සපුරාලීම මත එය රඳා පවතින බවත්ය.

ඉරානය පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරතුර සාම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එය කටාර් මැදිහත්කරුවන් හරහා ඇමරිකාවට ලබාදී ඇති බව පවසා තිබේ. යෝජනාවට අනුව හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ කලාපීය සටන් විරාමයක් සඳහා දින හතක කාලසීමාවක් ආරම්භ කිරීමට ඉඩ තිබූ බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, අරාඝ්චි පවසන්නේ මැදිහත්කරුවන් විසින් ඇමරිකාව යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ බව තවමත් ඉරානයට දැනුම් දී නොමැති බවයි. ඒ අනුව, ඉරානය ඇමරිකාවේ අවසන් ස්ථාවරය බලා සිටින බව ඔහු සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...