*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/04

1. පාර්ලිමේන්තුව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිටින බවට විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි – සාමාන්‍ය ජනතාව පරීක්ෂා කිරීමට පෙර සියලුම මන්ත්‍රීවරුන් පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය බව අවධාරණය කරයි.

2. බලශක්ති අමාත්‍යාංශය විසින් ඩීසල් මිල ද අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි – පෙට්‍රල් මිල අඩු කිරීම මිල සූත්‍රයට අනුව සිදු නොවූ බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසයි.

3. අපනයනකරුවන් මාසයක් ඇතුළත ආදායම ගෙන ආ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි – විදේශීය ගැනුම්කරුවන්ට ලබා දෙන ණය කාලය අඩු කරන ලෙස ද එහි දී පවසයි – මූල්‍ය සේතුකරණයක් (Bridging Finance) සිදු නොවූ බව ද පිළිගනී – විදේශීය සැපයුම්කරුවන් දේශීය බැංකුවල ණයවර ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද මැසිවිලි නඟයි.

4. ආහාර උද්ධමනය (වසරින් වසර – YoY) 2022 අගෝස්තු මාසයේ තිබූ සියයට 93.7 ට සාපේක්ෂව විශ්මය දනවන අන්දමින් සැප්තැම්බරයේ සියයට 94.9 දක්වා ඉහළට – ප්‍රවාහන උද්ධමනය ද සියයට 150.4 දක්වා පුදුමාකාර ලෙස ඉහළ යෑමක්!

5. S&P SL20 දර්ශකය සියයට 5 ට වඩා පහත වැටීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙදපොල කල්තියා වැසී යයි – සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 281 කින් (සියයට 2.83) පහත වැටී 9,650 වී දවස අවසන් කරයි – පිරිවැටුම රු. බිලියන 2.5 කි.

6. බැංකු අගෝස්තු මාසයේදී අඛණ්ඩව 4 වැනි මාසය සඳහා ද පෞද්ගලික ණය කප්පාදු කරයි – බැංකුවල වත්කම්වල ගුණාත්මකභාවය නරක අතට හැරෙමින් පවතී – ඉහළ යන පොලී අනුපාත සහ උද්ධමනය හේතුවෙන් ගැණුම්කරුවෝ විශාල සංඛ්‍යාවක් ණය පැහැර හරිති – ණය පැහැර හැරීම නිවේදනය කිරීමට පෙර අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක ‘වර්ධනයට’ සාපෙක්ෂව සියයට 8 කට වැඩි දළ දේශීය නිෂ්පාදිතයෙහි ‘පසුබැස්මක්’ මෙම වසරේ අපේක්ෂා කෙරේ.

7. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. – විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, හර්ෂ ද සිල්වා ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ශ්‍රී ලංකාව 2015 – 2019 කාලය තුළ විදේශ විනිමය ණය ගැනීම් සියයට 65 ඉහළ දැමූ බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ගැනීම් තුන් ගුණයකින් (ඇ.ඩො බිලියන 5.0 සිට 15.0 දක්වා) ඉහළ ගිය බවත් ය – වත්මන් ණය අර්බුදයට ප්‍රධාන වශයෙන් මෙම විදේශ විනිමය ණය ලබා ගැනීමේ වේගය හේතුවක් විය!

8. මෑතකදී පිහිටුවන ලද ජාතික සභාව, යම් කටයුත්තකට අදාළව රජයේ තීරණවලට වක්‍රාකාරව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල අනුමැතිය ලබා ගැනීමේ කූට ප්‍රයද්නයක් බවත්, එය රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමේ උත්සාහයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

9. 2019 පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට නොවූ බව ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ජනපති රනිල් වික්‍රසිංහට පවසති – මෙම සමූල ඝාතනයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

10. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය ඉංජිනේරුවන්ගේ බුද්ධි ගලනයකට මුහුණ දී ඇති බව කුඩා ජල විදුලි නිපදවන්නන්ගේ සංගමයේ හිටපු සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ පවසයි – ඉංජිනේරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බවත්, ඔවුන් ප්‍රතිස්ථාපනය කිරීමට බලශක්ති කර්මාන්තයට හැකියාවක් නොමැති බවත් අනතුරු අඟවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan