බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් කාන්තාව ද ඊයේ (28) රාත්‍රියේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මෙම වෙඩිතැබීමෙන් පෙරේදා දිනයේදී මියගිය කළු නෝනා නමැති කාන්තාවගේ මව වූ ඩී. එන්. ජී. මල්ලිකා නමැති අයයි.

පෙරේදා (27) දහවල් බද්දේගම හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පසුපස මෝටර් රථයකින් හඹා ආ පිරිසක් T56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබිණි. එහිදී එම කුලී ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය අතර අම්බලන්ගොඩ රතුකුරුස නිවාස, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි සුසිතා ඉරෝෂණී හෙවත් කළු නෝනා නමැති 47 හැවිරිදි කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.

ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ තිදෙනාම මේ වනවිට මියගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...