ඥානසාර හිමිට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන්ව ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයේ දැක්වෙයි.

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතරඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත්ය.

එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ මෙය අපරාධ නඩුවක් බවයි.

විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙම මෝසම අද (29) මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවන ලද අතර එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිට නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...